Saturday, February 9, 2013

7. 3 Tier Business Application එකක් Create කිරීම part viii - (Middle tier)

Project එක නිරිමාණය කිරීම   

මෙම web service එක නිර්මාණය කරගැනීම සදහා පළමුව මම Netbeans එකේ project කියන tab එක select කරනු ලැබේ 

  


 ඉන් පසු File menu එකින් New project එකක් ගනු ලැබේ


එහිදී මම Java web යටතේ ඇති web application එකක් තෝරාගනු ලැබේ


අනතුරුව ලැබෙන window එකහි project name එක ලබාදෙන්න  


මෙහිදි server එක සදහා Jboss application serverද ලබා දෙන්න 


අනතුරුව finish යන්න click කරන්න

 Classes නිරිමාණය කිරීම  

ඒ සදහා project එක right click කර New යටතේ ඇති web service යන්න තෝරන්න , අනතුරුව ලැබෙන window service name හා package name සදහා ඔබ කැමති නම් ලබා දෙන්න


finish click කලාට පසු පහත අකාරයට් class එකක් create වී ඇතිබව ඔබට දැක ගත හැකිය


Data source add කිරීම 

ඒ සදහා code window එක තුල right click කර "insert code" යන්න තෝරන්න [ Alt + Insert ] එහිදී ලැබෙන menu එකින් "use database" යන්න තෝරන්න 



අනතුරුව ලැබෙන menu එකින් add යන්න තෝරන්න


අනතුරුව ලැබෙන menu එකින් add යන්න තෝරන්න
 

මෙම window එකින් ඔබ කලින් සකස් කල database එකහි connection එක තොරාදෙන්න
JNDI name සදහා කැමති නමක් ලබාදෙන්න ( JNDI ගැන පසුවට කතා කරමුකෝ )

ok click කර "Reference name " එකටත් කැමති නමක් ලබාදෙන්න , මෙම name එක තමයි අපි code එක තුලදීconnection එක call කිරීමට යොදාගන්නේ



ok , ok click කලවිට පහත ආකාරයට code  එකක generate වී ඇතිබව දැක ගත හැකිය..


අනතුරුව "Design" යන්න තෝරන්න , ඒ අපි manually code කරනවාට වඩා automatically code generate කිරීමටය , එහි add operation යන්න click කර name එකක් හා අපිට data යැවීමට අවශ්‍ය parameters , add button එක භාවිතා කර ලබාදෙන්න




අනතුරුව ok click කල විට ඔබ නිරිමාණය කල operation එක දැකගත හැකිය


දැන් අයෙත් code/source යන්න තෝරාගෙන
"//TODO write your implementation code here:" යන්නෙහි අපට අවශ්‍ය code එක enter කරන්න



මෙම code එකහි connection එක create කිරීම , insert query එක  හා parameters pass කිරීම include කර ඇත

එම code එක download කරගැනීමට පහත link එකට පිවිසෙන්න



දැන් project එක නිර්මාණය කරගෙන අවසානයි එය deploy කිරම සදහා project එක right click කර deploy යන්න තෝරන්න

deploy වන අකාරය පහත දැක්වේ


deploy වීම සාර්ථක නම "successfully " කියලා message එකක දැක ගත හැකිය...


දැන් web browser එක open කර එහි 

localhost:8080/jbossws/services  යන්න enter කරන්න එවිට දැනට run වෙන web service දැක ගත හැකිය,ඔබ create කල web service එකට අදාල WSDL address එක ලබා ගැනීම සදහා ඔබේ web service එකේ "end point address" යන්න click කරන්න



WSDL address එක  copy කරගන්න, මෙම address එක නොමැතිව C# client connect කල නොහැකිය.


deploy වීම බැලීමට පහට අකාරය jboss folder එකට ගොස්ද බැලිය හැකිය.




SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates