Friday, May 10, 2013

Dual Boot එකින් අපිට අනවශ්‍ය එක අයින් කරමු (Linux/Windows)



අද කාලයේ ගොඩක් දෙන තමන්ගේ  පරිගණකයේ බොහෝවිට Windows මෙහෙයුම් පද්ධතිය සමග Linux සංස්කරණයක් install කරගෙන බාවිතා කරනවා...නමුත් ගොඩක් දෙනා Windows වලට දැඩිව ඇබ්බැහිවීම නිසා ටික කලකින් එය ඉවත් කරනවා නමුත් එය සම්පුර්ණයෙන් ඉවත් කලත් පරිගණකය on වෙනකොට එහෙම නැතිනම් boot වෙනකොට OS එක select කරන menu එකින් Linux සංස්කරණයේ නම ඉවත් නොවේ.එය ඉවත් කරගන්නා අකාරය තමයි මම අද කියලා දෙන්නේ




Windows/Linux වලින් Linux ඉවත්කිරීම

  • පළමුව install කර ඇති Linux edition එක මකන්න (අදාල   partition  එක Delete කිරීම් හෝ අන් ක්‍රමයකින්)
  • අනතුරුව Windows CD/DVD එකක් මගින් පරිගණකය ක්‍රියාකරවා (Windows 7 වලදී) repair windows කියන option එකට යන්න 
  • එහි ඇති command window/prompt කියන option එක තෝරා පහත commands enter කරන්න

a) bootrec/fixmbr

 b) bootrec/fixboot

  • අනතුරුව පරිගනකය  restart  කරන්න 

Windows/Linux වලින් Windows ඉවත්කිරීම

  • පළමුව install කර ඇති Windows edition එක මකන්න (අදාල එක   partition Delete කිරීම් හෝ අන් ක්‍රමයකින්)
  • terminal එකේ "SUDO Gparted " කියන command එක enter කරන්න,
  • එවිට Linux වල  partition  manager එක open වේ

  • මෙහිදි ඔබට Windows partition එක Delete කිරීම කල හැකිය 
  • GRUB එක update කිරීම සදහා terminal එකෙහි පහත command එක enter කරන්න
sudo update-grub

GRUB/BOOT LOADER ගැන පුර්ව අවබෝදයක් නොමැතිනම් මෙය කිරීමෙන් වලකින්න ,එමගින් ඔබේ පරිගණකයේ දත්ත විනාශ වීම වළක්වා ගත හැකිය....


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates