Saturday, May 25, 2013

Root/Jail break/Super user/Administrator කරන්න ඔනිමද ???

පරිඝනක නවතම මාදිලියේ ජංගම දුරකථන භාවිතා කරන බොහෝදෙනෙක්ට නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි Root/Jail break/Super user/Administrator කියන ඒවා ..ඇත්තෙන්ම මේ මොකක්ද ???






ගොඩක් මෘදුකාංග නිෂ්පාදනය කරන සමාගම ඔවුන්ගේ පහසුව උදේසා ( පරීක්ෂණ උදේසා ) super  privileged (උපරිම system functions/calls  access කළහැකි)  හා  stranded( general system functions/calls access කළහැකි) යන user account දෙකක් හදන බව,  


Stranded user 

අපි සමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන user තමයි මේ මේ userට අදාල උපකරණයේ  kernel එකහි විශේෂ function access කිරීමේ හැකියාවක් නැත..


  • උදාහරණයක් විදියට ඔබ භාවිතා කරන windows 7 හොර copy එක genuine කරගැනීමට අවශය නම ඔබට  stranded  userගේ සිට ඒදේ කල නොහැකිය.crack එකක් භාවිතා කර ඔබ මෙම genuine කරනකොට ඇත්තටම සිදුවනුයේ windows OS එකේ තිබෙන registration හා සම්බන්ධ වන system function access කිරීමය, ඔබ දන්නවා ඇති general user කෙනෙක්ට එවැනි දේවල් access කරන්න නොදෙන වග ඒ සදහා විශේෂ අවසරයක් ඇති user කෙනෙක් අවශය බව..

  • තවත් උදහරණයක් විදියට Linux මෙහෙයුම් පද්ධතියදී ඔබට serial or parallel port terminal එක හරහා access කරන්න අවශ්‍ය නම් ඔබට ඒ සදහා විශේෂ අවසරයක්  අවශ්‍ය බව ඔබ දන්නවා ඇති 

  • තවත් උදාහරණයක් විදියට Apple සමාගමේ දුරකතන සමහර Network providers අඩුමුදලට පාරිභෝගිකයන් වෙත ලබාදීම සිදුකරයි එවිට Apple සමාගම එම දුරකථන වෙතට විශේෂ lock එකක් (Network lock) එකක් දමනු ලැබේ.එය ව්‍යාජ ක්‍රම වලින් ඉවත් කිරමට වීශේෂ අවසරයක්  අවශ්‍ය බව ඔබ දන්නවා ඇති 


මෙම stranded user මගින් භාවිතා කරන උපකරණයේ common functions එසේ නොමැතිනම් එදිනෙදා අවශය වන සමාන්‍ය කටයුතු කරගත හැකිය..අනෙක් කරුණනම් මෘදුකාංග වල ආරක්ෂාව උදෙසා සාමාන්‍ය ජනතාවට මෙම super  privileged පහසුකම් ලබා නොදේ


Super privileged user

මෙම user ගැන කියනවානම් මෘදුකාංග නිශ්පාදන සමාගම විසින් ඔවුගේ පහසුව උදේසා නිරිමාණය කරන ලද  stranded user කෙනෙක්ට වඩා බලතල ඇති user කෙනෙකි එමෙන්ම මෙම user මගින් device එක access කරන විට system එක මගින් කිසිදු බාධාවක් ඇතිකරනු නොලැබේ ..ඔවුන් මෙවැනි user කෙනෙක් නිර්මාණය කරනුයේ පිටත සිට kernel function/system calls අධ්‍යනය කිරමට හා ඔවුන්ගේ product වල ගුණාත්මක බාවය පරීක්ෂණ කිරීමටය.මෙම user  disable විදියට තියන නිසා අප එය enable කිරීම කල යුතුය .. එම ක්‍රියාවලිය විවිධ නම් වලින් හදුන්වනු ලබයි

Apple --- Jail Break
Android  --- root
Linux --- Super User
Windows --- Administrator

Super User Enable කිරීම

Linux වලදිනම් terminal එකෙහි "sudo su" enter කිරීම මගින් super user වෙතට log වීම සිදුකල හැකිය..

Windows වලදිනම් "right click කර run as Administrator" select කිරම මගින් මෙම super user access කල හැකිය..

නමුත් Android හා Apple devices සදහා විශේෂ ක්‍රම හා මෘදුකාංග භාවිතා කල යුතුය..


Super User Enable කිරීම මගින් වන බලපෑම්

මෙම super user enable කිරීම මගින් ඔබගේ උපකරණයේ warrant වලට කිසිදු බලපෑමක් සිදුනොවේ..

එම enable කිරීම නිවැරදිව කලානම් device එකට හානිවීමක් සිදුනොවේ...

ඔබගේ device එකට super access permission ලැබෙන නිසා ඔබට අවශ්‍ය ආකාරයට එය හැසිරවිය හැකිය..

උපකරණයේ ක්‍රියාකාරිත්වය වේගවත් වේ එමෙන්ම වේගවත් කලහැකිය..


ඔබට මේ ගැන දල අදහසක් ලබාදීම උදේසා මෙය මෙම ආකාරයට ඉදිරිපත් කලෙමි..මුලික අවබෝධයක් නොමැතිව මෙම super user enable කිරීමෙන් වලකින්න..(විශේෂයෙන්ම නවතම ජංගම දුරකථන වල)..

මෙම super user මගින් කළහැකි දේවල් බොහෝය ..බහුලව භාවිතා කරන දේවල් පමණක් මෙහි උදාහරණ විදියට ඇතුලත් කර ඇත....


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates