Sunday, August 11, 2013

Android ජංගම දුරකථනය Linux වලට ගන්නේ නැද්ද....

Android දුරකථන භාවිතාකරන බොහෝදෙනෙක් මුහුණපාන ගැටලුවක් තමයි තමන්ගේ ජංගම දුරකථනය Linux මෙහෙයුම් පද්ධතිය සමග නිවැරදි ලෙස plug/connect නොවීම...






මෙසේ වීමට ප්‍රධන හේතු 2ක් ඇත..
·Android version එක 4.0 හෝ ඊට ඉහල්විම
·භාවිතාකරන Linux version එක පරණ එකක් වීම (ubuntu 12.04 LTS වගේ)
Linux අලුත් version සමග ජංගම දුරකථනය connect කිරීම ගැටළුවක් නොවුනත් (ubuntu 13.04 හෝ ඊට වැඩි) , පැරණි එහෙත් long term support කරන stable version එකක් වන ubuntu 12.04 වැනි ඒවා සමග connect නොවේ..






Android 4.0 හෝ ඊට පසු සංස්කරණ

·Media Transfer Mode (MTP)
·Mass Storage Mode (MSC)

යන ක්‍රම 2කින්ම පරිගණකය හා සම්බන්ධ කල හැකි අතර බොහෝවිට default ලෙස එය MTP mode එක set වී ඇති නිසා තමයි මෙසේ Linux සමග connect නොවෙන්නේ
ඔබට settings වලින් එය MSC mode ලෙස වෙනස් කලත් ඔබට ඔබගේ ජංගම දුරකථනයේ internal memory එක access කිරමට නොහැකිවේ..


අන්තර්ජාලය තුල නොයෙක් විසදුම් තිබුනත් අති සාර්ථක විසදුමක් මට මාගේ මිතුරෙකු මාර්ගයෙන් සොයාගන්න ලැබුනා

මෙ සදහා terminal එක open කරන්න...(Android phone එක පරිගණකයේන් විසන්ධ් කරන්න/unplug කරන්න)

· පහත PPA add කරන්න(terminal එකේ enter කරන්න)

·sudo ppa-purge ppa:webupd8team/gvfs-libmtp
·sudo add-apt-repository ppa:langdalepl/gvfs-mtp
·sudo apt-get update








· Software updater එක හෝ Update manager එක open කර පහත පෙන්වා ඇති update ටික install කරගන්න.






· පරිගණකය restart කරන්න.

· Android phone එක connect කරන්න..



ඉහත පියවර නිවැරදිව කලානම් ඔබට internal/external memory open වෙනු ඇත..

References :



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates