Saturday, September 7, 2013

phpmyadmin LINUX - WINDOWS 7/8 වල ගොඩක්ම slow වෙලාද ?????



WAMP/XAMPP/LAMP  භාවිතා කරන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටලුවක් තමයි එම server එක online තිබුනත් phpmyadmin වෙත පිවිසීමේදී ඉතාමත් මන්දගාමී ස්වරුපයක් ගැනීම.මෙම slow ගතිය නිසාම බොහෝවිට timeout වැනි error messages දැකගතහැකිය...





මෙයට හේතුපාදක වනුයේ අන්තර්ජාල නවතම සංස්කරණය වන IPV6 හි බලපෑමය.APACHE server එක හොදින් IPV4 සමග සහය දැක්වුවත් එය IPV6 හි ක්‍රියාත්මක කිරීමට විශේෂ config කිරමක් කළයුතුව ඇත...
(මෙම slow වීමට තවත් හේතුවක් ලෙස නවතම OS සංස්කරණ IPV4 හා IPV6 2ක සමග එක විට සහය දැක්වීමද වෙ)



මෙයට සාර්ථක විසදුමක් ලෙස පහත පියවර අනුගමනය කරන්න

Windows 7 සදහා

Microsoft ආයතනය විසින් මේ සදහා patch එකක් නිපදවා ඇත..පහත link එක භාවිතා කර එක download කර install කරගන්න..




Linux සදහා (Ubuntu වැනි)

terminal එක open කරගන්න..
එහි පහත command enter කරන්න..

sudo gedit /etc/sysctl.conf

එවිට ලැබෙන text editer එකේ පහත data enter කරන්න (අවසානයේ)

# IPv6
net.ipv6.conf.all.disable_ipv6 = 1
net.ipv6.conf.default.disable_ipv6 = 1
net.ipv6.conf.lo.disable_ipv6 = 1



එය save කර close කරන්න

sysctl  settings  restart කිරමට පහත command එක enter කරන්න

sudo sysctl -p

හෝ පරිගණකය restart කරන්න....


ඉහත පියවර නිවැරදිව කලානම් phpmyadmin එක කිසිදු අවහිරයකින් තොරව  open වෙනු ඇත...


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates