Thursday, October 24, 2013

Win8 නිසා GRUB එක අවුල් වුනාද ???



Windows 7 එක්ක UBUNTU [linux] dual boot use කරපු ගොඩක් දෙනා Windows  8 / 8.1 ආගමනයත් සමගම එකට මාරුවුනා ...

කලින් තිබුන Windows 7 ඉවත් කර Windows 8 / 8.1 install කලත් ubuntu install කලවිට පැමිණි GRUB menu එකද ඒ සමගම නැතිවී ගිය නිසා ගොඩක් දෙනකුට Ubuntu වලට log වෙන්න නොහැකිවුණා...





එසේ නැතිවී ගිය GRUB එක නැවත replace කරගන්නා අයුරු තමයි අද මම කියලා දෙන්නේ

අවශ්‍ය දේවල්

  • ubuntu හෝ ඕනිම linux සංස්කාරනයක් මගින් සදාගත් live CD/DVD or PEN එකක්
Live Device එක use කර Live mode එකින් PC එකට log වෙන්න..

අනතුරුව terminal එක open කර පහත command type කරන්න


sudo add-apt-repository ppa:yannubuntu/boot-repair
sudo apt-get update
sudo apt-get install boot-repair


අනතුරුව boot-repair කියන Application එක open කරගන්න

එවිට පහත ආකාරයට window එකක් open වේ


මෙම window එකේ ඇති Advanced Option කියන එක expand කරන්න..
අනතුරුව පහත පෙන්වා ඇති පරිදි sub option select කරන්න




අනතුරුව APPLY button එක click කිරීමෙන් පසුව PC එක restart කරන්න...
එහිදී නැවතත් නැතිවී ගිය GRUB menu එක ඔබට දැකගත හැකිය...



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates