Sunday, April 16, 2017

Install MySQL/MariaDB in Linux


සුභ දවසක් ඔයාලට , අද මම කියල දෙන්න යන්නේ Linux OS එකට MySQL හෝ MariaDB install කරගන්න විදිය ගැන.

MySQL හා MariaDB යනු දැනට ලෝකයේ බහුලව භාවිතා වෙන Database වර්ග 2ක් වන අතර, මෙම database 2කිම එකම Core ක් යටතේ develop කරන ලද database engine වේ , MySQL යනු Oracle සමගම යටතේ නිකුත් කරන Free database engine (Closed Source) එකක් MariaDB යනු නිදහස් මෘදුකාංග යටතේ නිකුත් කරන database engine එකකි (Free Open Source).



ඉතිහාසය බැලු විට MySQL හට MariaDB වලට වඩා ඉතිහාසයක් ඇත , MariaDB යනු MySQL develop කරන ලද team එකින් බිදී ගිය කොටසක් මගින් පවත්වාගෙන යන database engine එකකි (Oracle සමාගමෙන් MySQL acquire පසු)

මෙම engine 2කිම commands , configurations එකම වන අතර install කිරීම steps වල වෙනසක් ඇත

MariaDB install කිරීම 




  • Internet එකට connect වී Linux Terminal එක open කරන්න.
  • Dependencies හා OS යාවත්කාලින කිරමට පහත Command enter කරන්න (Optional)
    • sudo apt-get update (Ubuntu)
    • sudo apt-get install software-properties-common(Ubuntu)
    • sudo yum update (Centos/Redhat)
  • MariaDB install කිරීම සදහා 
    • MariaDB key activation එක සදහා 
    • sudo add-apt-repository 'deb [arch=amd64,i386] http://sgp1.mirrors.digitalocean.com/mariadb/repo/10.1/ubuntu xenial main'  (Ubuntu 16.04)
    • sudo apt-get install mariadb-server mariadb-client (Ubuntu)
    • sudo yum -y install mariadb-server mariadb-client (CentOS/Redhat)
  • MariaDB service එක enable හා start කිරීම සදහා
    • sudo apt-get start mariadb (Ubuntu)
    • sudo systemctl enable mariadb (CentOS/Redhat)
    • sudo systemctl start mariadb (CentOS/Redhat)



MySQL install කිරීම 



  • Internet එකට connect වී Linux Terminal එක open කරන්න.
  • Dependencies හා OS යාවත්කාලින කිරමට පහත Command enter කරන්න (Optional)
    • sudo apt-get update (Ubuntu)
    • sudo apt-get install software-properties-common(Ubuntu)
    • sudo yum update (Centos/Redhat)
  • MySQL install කිරීම සදහා 
    • sudo apt-get install mysql-server mysql-client (Ubuntu)

    • CentOS/Redhat සදහා 
    • මේ සදහා පලමුව MySQL repo එක download කරගත යුතුය , පහත link එකට ගොස් තමාගේ Linux OS ගැලපෙන repo එක download කරගන්න https://dev.mysql.com/downloads/repo/yum/
    • ඉන්පසු terminal එක මගින් save කරගත් ඉහත file එක ඇති location එකට navigate කර පහත command එක enter කරන්න
    • sudo rpm -ivh mysql-community-release-elxxx.noarch.rpm
    • sudo yum -y install mysql-server mysql-client 
  • MariaDB service එක enable හා start කිරීම සදහා
    • sudo apt-get start mysqld (Ubuntu)
    • sudo systemctl enable mysqld (CentOS/Redhat)
    • sudo systemctl start mysqld (CentOS/Redhat)

MariaDB / MySQL Configure කිරීම 

  • Linux Terminal එක open කරන්න.
  • පහත command එක enter කරන්න 
    • sudo mysql_secure_installation (Any Linux)
    • අවශ්‍ය පරිදි configure කරගන්න (Password/root access...etc)
  • MariaDB/MySQL Server එකට log වීමට පහත command එක use කරන්න
    • mysql -u root -p




SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates